
අමෙරිකාව සහ සෞදි අරාබිය අතර සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මොහොමඩ් බින් සල්මාන් කුමරු අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇත.
අමෙරිකාවේ සංචාරයක නිරත වන මොහොමඩ් බින් සල්මාන් කුමරු අද (18) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අදාළ ගිවිසුම අත්සන් තබන බව විදෙස් වාර්තා වැඩිදුර සඳහන් කරයි.

















































