ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

November 16, 2025   10:53 pm

සත්කාරක පාකිස්තාන කණ්ඩායම හමුවේ තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (16) සිදුවිය.

ඒ අනුව තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් (whitewash) අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

රාවල්පින්ඩිහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 45.2කදී සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 211ට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී පන්දුවාර 45.4කදී ලකුණු 215ක් ලබාගෙන සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ මෙලෙස පූර්ණ තරගාවලි පරාජයක් අඛණ්ඩව ලැබූ තෙවන අවස්ථාව මෙය වේ.

එමෙන්ම 1981 වසරේ සිට පාකිස්තානය සමගින් ද්විපාර්වීය එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩාකරන ශ්‍රී ලංකා මේ දක්වා ඔවුන් හමුවේ පූර්ණ තරගාවලි පරාජක් ලැබූ 6වන අවස්ථාව මෙයයි.