
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාවල්පින්ඩිහිදී අද (16) පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක ෂහීන් ෂා අෆ්රිඩි පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
අද තරගයේ දී ශ්‍රී ලංකා නායකයා ඇතුළුව වෙනස්කම් 4ක් සිදුව තිබේ.
ඒ අනුව නිත්‍ය නායක චරිත් අසලංක වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායම් නායක ලෙස කටයුතු කරනු ලබයි.
ඊට අමතරව වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර හා අසිත ප්‍රනාන්දු ක්‍රීඩා නොකරන අතර, ඒ වෙනුවට පවන් රත්නායක, එශාන් මාලිංග හා ජෙෆ්රි වැන්ඩර්සේ කැඳවා තිබේ.
දෙරට අතර තරග 3කින් යුත් මෙම තරගාවලියේ පළමු තරග 2කම ජයගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමේ අවමානයෙන් බේරීම හැරෙන්න අන් කවරක් ශ්‍රී ලංකාවට ඉතිරිව නොමැත.



















































