සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා 2ක් මධ්‍යධරණී මුහුදේදී පෙරළී 4ක් මරුට

සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා 2ක් මධ්‍යධරණී මුහුදේදී පෙරළී 4ක් මරුට

November 16, 2025   11:20 am

ලිබියාවේ සිට ඉතාලිය වෙත සංක්‍රමණිකයින් රැගෙන ගමන් කරමින් තිබූ බෝට්ටු දෙකක් ලිබියාව ආසන්න මධ්‍යධරණී මුහුදේදී පෙරළී යාමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාව වන විට එම යාත්‍රා දෙකේ පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් සිටි බව වාර්තා වෙයි.

ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 26 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලුදෙනා බංගලාදේශ ජාතිකයින්ය.

අනෙක් යාත්‍රාව තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 70ක් පමණ වන අතර ඔවුන්ගෙන් බහුතරය සුඩාන ජාතිකයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මධ්‍යධරණී මුහුද ඔස්සේ ඉතාලියට ගමන් කරන මෙම මුහුදු මාර්ගය ලොව භයානකම සංක්‍රමණික ගමන් මාර්ගය ලෙස සැලකේ. 

ධාරිතාව ඉක්මවූ සහ අනාරක්ෂිත බෝට්ටු මගින් මෙම මුහුදු මාර්ගය ඔස්සේ යුරෝපය වෙත ගමන් කිරීමට උත්සාහ පුද්ගලයින් සිය ගණනක් සෑම වසරකම මෙම කලාපය තුළ සිදුවන මෙවැනි අනතුරුවලින් මරණයට පත්වෙයි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් එලෙස මියගිය හෝ අතුරුදන්වූ පිරිස 1, 500කට අධිකය.