දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

November 16, 2025   07:02 am

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (16) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට ඒ මහතා 62 වියේ පසුවූ අතර මිය යන විට ඒ මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇත.

බන්දුල හරිස්චන්ද්‍ර මහතා රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක ප්‍රධානියෙකු, දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.