
පාකිස්තානයේ සින්ද් පළාතේ හයිද්‍රාබාද් ලතීෆාබාද් හී පිහිටි නීති විරෝධී ගිනිකෙළි කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලතිෆාබාද් හී නේවාසික ප්‍රදේශයක පිහිටි නීති විරෝධී ගිනිකෙළි කම්හලක මෙම පිපිරුම ඇති වී පසුව ගින්නක් දක්වා වර්ධනය වී ඇති බවය.
පිපුරුමෙන් සහ ගින්නෙන් කම්කරුවන් සිව් දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබුවන් ප්‍රාදේශීය රෝහලකට මාරු කර යැවීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වන අතර මිය ගිය සහ තුවාල ලැබූවන්ගේ ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.
මේ අතර සිද්ධිය සම්බන්ධව අවධානය යොමු කරමින් සින්ද් ප්‍රධාන අමාත්‍යවරයා විසින් වහාම අදාළ සිදුවීම සම්බන්ධව වාර්තාවක් ද ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.



















































