රාජ්‍ය සේවය සම්බන්ධයෙන් යෝජනා හා අදහස් ඇතුළත් අතුරු වාර්තාවක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් යෝජනා හා අදහස් ඇතුළත් අතුරු වාර්තාවක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට

November 15, 2025   03:37 pm

රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත් වූ පුද්ගලයන්ට එම මන්ත්‍රී ධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කරදීම පිළිබඳව ද මෙහිදී යෝජනා වී ඇතුළත් අතුරු වාර්තාවක් පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීය භාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් මෙම අතුරු වාර්තාව එහි අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් ඉදිරිපත් කර ඇත.

ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය මහාචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම ද මෙහිදී සිදු විය. 

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින් මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. 

Sinhala - MCC Public Administration by poornima