
ජාතික ජන බලවේගය රජයට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කරන මහජන රැලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා හමුවී තිබේ.
අද (15) පෙරවරුවේ මෙම හමුව සිදුව ඇති බව සඳහන් වන අතර මෙහිදී අදහස් දක්වා ඇති එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා ඇත්තේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බවය.
පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මෙම රැලිය සම්බන්ධව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර තිබේ.

















































