ප්‍රේම සම්බන්ධතාව දුරදිග ගොස් දැරියකට දිවි අහිමි වෙයි
November 15, 2025 07:46 am
ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (14) රාත්‍රියේ ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව ගම්පොල පොලීසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටය.
සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
