
ඉන්දුනීසියාවේ බාලි ප්‍රදේශයේ දී වෑන් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් චීන සංචාරකයින් 05 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.
අදාළ වෑන් රථය රියදුරුට පාලන කර ගැනීමට නොහැකිව පෙරළි යාමෙන් අනතුර සිදුව ඇති බව එරට ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

















































