
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාවල්පින්ඩිහිදී අද (14) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් පමණක් සිදුකර ඇති අතර මහීෂ් තීක්ෂණ වෙනුවට ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට එක්කර තිබේ.
එමෙන්ම පාකිස්තාන කණ්ඩායමේ නිත්‍ය නායක ශහීන් ෂා අෆ්රිඩි අද තරගයට සහභාගී නොවන අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සල්මන් අගා වෙත පවරා ඇති බව සඳහන්.


















































