ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සොයාබැලීමට PCB සභාපති ක්‍රීඩාංගණයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සොයාබැලීමට PCB සභාපති ක්‍රීඩාංගණයට

November 13, 2025   10:29 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සපයා ඇති ආරක්ෂාව පිළිබඳ සොයාබැලීම සඳහා පාකිස්තාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි මහතා අද (13) රාත්‍රියේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියේය.

දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට (14) රාවල්පින්ඩිහිදී පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටියදී ඔහු මෙලෙස පැමිණ ඇත.

මෙහිදී ඔහු විසින් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පුහුණුකරු සනත් ජයසූරිය ඇතුළු කිහිප දෙනෙකු සමග සුහඳ කතාබහක ද නිරත විය.

මෙම අවස්ථාවට පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතාද පැමිණ සිටියේය.