
මාතර ප්‍රදේශයේ නූපේ හන්දිය අසලදී කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක් වන මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 02 ග්‍රෑම් 200ක ප්‍රමාණයක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































