
දකුණු කොරියාවේ වෙළෙඳපොළකට ට්‍රක් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබේ.
සෝල් අගනුවර සිට කිලෝ මීටර් 20ක් දුරින් පිහිටි බුචියෝන් ප්‍රදේශයේ පිහිටි වෙළෙඳපොළක් තුළ දී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
අනතුරින් තවත් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
අනතුර සම්බන්ධයෙන් අදාළ ට්‍රක් රථයේ රියදුරු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

















































