header logo
SLIC
උණුසුම් පුවත්
හිටපු අමාත්‍ය ප්‍රසන්නගේ නඩුවේ සම්පූර්ණ කතාව
Nov 12, 202507:51 PM
හිටපු අමාත්‍ය ප්‍රසන්නගේ නඩුවේ සම්පූර්ණ කතාව
EDEX

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් දූෂණ චෝදනා මත අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාව ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය.

එහිදී සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරුණු අතර, විදෙස් ගමන් තහනමක් ද පැනවීය.

හිටපු අමාත්‍යවරයාට චෝදනාව එල්ලව ඇත්තේ ඔහු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය දරමින් සිටියදී වූ සිද්ධියක් සම්බන්ධයෙන්ය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන 04හි සේවකයන් සඳහා වන සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන අන්දමට "මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්" නමැති තැරැව්කාර සමාගමක් පත්කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් රුපියල් ලක්ෂ 47කට අධික කොමිස් මුදලක් ගෙවීම හරහා එම සමාගමට අයුතු වාසියක් සැලැස්වීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයුතු පාඩුවක් සිදුකිරීම තුළ දූෂණය නමැති වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

ඒ අනුව අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට අද දහවල් ඉදිරිපත් කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි අබේසිංහ මහතා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

"ස්වාමිනි සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා සෘජු වෛද්‍ය රක්ෂණ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබාගැනීමට හැකිව තිබියදී, මෙම තැරැව්කාර සමාගම ඊට මැදිහත් කරගැනීම හරහා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නොගෙවිය යුතු රුපියල් 47 ලක්ෂ 50,828ක් කොමිස් මුදලක් ලෙස එම සමාගමට ගෙවා තිබෙනවා.

මෙයින් එම සමාගමට අයුතු වාසියක් සිදුවුණා සේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පාඩුවක් සිදුව තිබෙනවා. එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වූ ප්‍රසම්පාදනයේ තැරැව්කාර සමාගමක් දක්වා නොතිබුණත් මෙම සැකකරු තමයි සංචාරක අධිකාරියේ සභාපතිට සහ අධ්‍යක්ෂ ජනරාල්ට එය තැරැව්කාර සමාගමක් ලෙස නම්කරලා කොමිස් මුදල ගෙවන්නැයි බලපෑම් කරලා තියෙන්නේ.

එම සමාගමේ අයිතිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම මුදල තවත් ගිණුම් 05කට බැරකර ඇති බව අනාවරණය වුණා. එම ගිණුම් අයිති කාටද කියලා විමර්ශන කරන්න ඕනේ.

විමර්ශනයට අදාළව සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා අල්ලස් කොමිසමට කැඳවා ප්‍රකාශ සටහන් කරගත්තාට පසු මෙම සැකකරු ඔවුන්ට දුරකථනයෙන් අමතා බලපෑම් කර තිබෙනවා.

එබැවින් සාක්ෂිකරුවන්ට බලපෑම් නොවන පිණිස සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

අනතුරුව සැකකාර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

"ස්වාමිනි, කොවිඩ් වසංගතය සමයේ විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගන්න කියලා ඔවුන්ගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටියා. හෝටල්වලින්, පෞද්ගලික ආයතනවලින් ඒ සඳහා අනුග්‍රහය ඉල්ලුවත් කිසිවෙක් ඊට ඉදිරිපත් වුණේ නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිව්වේ පහසුමිලට ගුවන් යානයක් දෙන්නම් නමුත් වියදම රජය දරන්න කියලා.

පසුව මේ සැකකාර අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස් දුන්නා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අදාළ මුදල් තැරැව්කාර සමාගමට මුදාහරින්න කියලා. එම මුදල්වලිනුයි ස්වාමිනි කොවිඩ් සමයේ කුවේට්හි සිටී ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් දිවයිනට රැගෙන ආවේ.

ඔය කියන විදිහට මේ සැකකරු තැරැව්කාර සමාගම පෞද්ගලිකව නම් කරලා නැහැ. විවෘත සාකච්ඡාවකදියි එය සිදුකරලා තියෙන්නේ. අපි සූදානම් නඩු විභාගයට මුහුණදෙන්න. මේ හදන්නේ 21 වැනිදාට පෙර ප්‍රසන්න රණතුංගව රිමාන්ඩ් කරන්න."

මෙහිදී සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

"ස්වාමිනි, මේ සැකකරුට ශල්‍යකර්මයක් සිදුකර තිබීම හේතුවෙන් ඔහුට සාමාන්‍ය පරිදි ආහාර ලබාගන්න බැහැ. ඔහුට පැය හතරෙන්, හතරට කුඩා ආහාරයක් ලබාගත යුතුයි. ඊට විශේෂ ප්‍රෝටීන් මිශ්‍ර කිරීමක්ද කළ යුතුයි. නැතිනම් ඔහුගේ ජීවිතය අවදානමකට ලක්වෙනවා.

එබැවින් ඔහුට ඇප ලබාදීමේදී මේ කරුණුත් සලකා බලන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

"මේ අවස්ථාවේ සිදුකළ යුතුවන්නේ නඩුවේ කරුණු පිළිබඳ නොව සැකකරුගේ ඇප අයැදුම පිළිබඳ සලකා බැලීම. අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ එන දූෂණය නම් වරද මෙම අධිකරණයට ඇප ලබාදිය හැකි වරදක්.

අල්ලස් කොමිසම මේ සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බව වාචිකව කිව්වාට, ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවේ සඳහන් කර නැහැ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අදාළ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ අරගෙනත් නැහැ. 2022 වර්ෂයේ සිට මේ දක්වා විමර්ශනයට අදාළව සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවටත් කරුණු අනාවරණය වෙලා නැහැ".

https://youtu.be/dTTTUqDPJbw
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට