බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක්
November 12, 2025 06:53 pm
අම්බලන්තොට කිවුල ප්‍රදේශයේ දී බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අද (12) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.
අනතුරෙන් 15කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
බරපතළ තුවාල ලැබූ අය අතර ටිපර් රථයේ රියදුරාද සිටින බව සඳහන්.
මාතර සිට මහගල්වැව දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් හා හම්බන්තොට සිට තංගල්ල දක්වා ධාවනය වූ ටිපර් රථයක් මෙම අනතුරට මුහුණපා ඇත.
මෙම අනතුර සිදු වූ ප්‍රදේශය දැඩි වංගු සහිත මාර්ගයක් බව සඳහන්.
