
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ ඒකාබද්ධ මන්ත්‍රීවරුන් අද (12) පැවති මහ සභා රැස්වීමට සහභාගී වී තිබුණේ දේශීය ලොකු ලූනුවලින් සැකසු මල්මාලා දමාගෙනය.
ඒ දේශීය ලොකු ලූනු මිල සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුවට විරෝධය දැක්වීමටය.
එමෙන්ම ඔවුන් "ගොවි පුතා රජවුනා... ගොවියාට කෙලවුණා..." යනුවෙන් සටන් පාඨ කියමින් සභාවට පිවිසි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
එම විරෝධය දැක්වීමෙන් අනතුරුව මහ සභා රැස්වීම ආරම්භ කර ඇති අතර එහිදීද ලොකු ලූනු සඳහා මිලක් නොමැති වීම හා විනාශ වූ ලොකු ලූනු සඳහා වන්දි මුදලක් ඉල්ලමින් වාද විවාද කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්යක් හට ගෙන තිබේ.








































