header logo
SLIC
උණුසුම් පුවත්
ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය ගැන කරුණු රැසක් හෙළිවෙයි
Nov 12, 202504:03 PM
ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය ගැන කරුණු රැසක් හෙළිවෙයි
EDEX

පාකිස්තාන ඉස්ලාමාබාද්හිදී ඊයේ (11) සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම එරට තලේබාන් සංවිධානය භාරගෙන තිබේ.

ඔවුන් ප්‍රහාරයේ වගකීම භාරගනිමින් පවසා ඇත්තේ, ඉස්ලාම් - විරෝධී නීති අනුගමනය කරමින් තීන්දු ලබාදීමට මුල්වන විනිසුරුවන්, නීතිඥයන් සහ නිලධාරීන් සිය ප්‍රහාරයේ ඉලක්කය වූ බවය.

මෙම ප්‍රහාරයේ දී මරාගෙන මැරෙන බෝම්බකරු අධිකරණ සංකීර්ණය තුළට යාමට උත්සාහ කළ බවත්, එය අසාර්ථක වූ නිසා එහි පිටතදී පිපිරවීම සිදුකර ඇති බවත් මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

බෝම්බකරු පිටත ප්‍රදේශයක සිට යතුරුපැදියකින් ඉස්ලාමාබාද් නුවරට පැමිණ ඇති අතර, බෝම්බය සඳහා බෝල් බෙයාරිං යෙදූ කිලෝග්‍රෑම් 5ක පමණ පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන ඇති බවත් හෙළි වී ඇත.

ඊයේ සිදු වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 27 දෙනෙකු තුවාල ලැබූ බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය.

මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වද්දී ඉස්ලාමාබාද් නුවරදී අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සංවාද සමුළුව පැවැත්වෙමින් තිබුණි.

එමෙන්ම ඉස්ලාමාබාද් නුවරට කිලෝමීටර 16.5ක් පමණ නුදුරින් රාවල්පිණ්ඩි නුවර පැවැති ශ්‍රී ලංකා-පාකිස්තාන පළමු එක්දින ක්‍රිකට් තරගය ආරම්භවීමටද මිනිත්තු කිහිපයකට පෙරය.

ප්‍රහාරයෙන් පසුව පාකිස්තාන ජනාධිපති මන්දිරය නිකුත්කළ නිවේදනයක සඳහන් වූයේ, විදේශීය සහාය සහ පහසුකම් ලබමින් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව පාකිස්තාන ආරක්ෂක අංශ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට