
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් බුදුරුවාගල රක්ෂිතයේ මීගල්ආර ප්‍රදේශයේ දී වඳවීයාමේ තර්ජනයට ලක් වී ඇති දුර්ලභ ඝනයේ කොටියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව එම ප්‍රදේශයේ මෙහෙයුමක් සිදුකර ඇති අතර, එහිදී ඝාතනය කර තිබූ කොටියාගේ සිරුර සොයාගෙන ඇත.
වැටලීම සිදුකළ අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර සැකකරුවන් විසින් ඝාතනය කල කොටියාගේ දත් ගලවාගෙන ගොස් තිබේ.
එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.







































