header logo
SLIC
උණුසුම් පුවත්
රන් ආභරණ අලෙවි සැලක් බිඳ මත්කුඩු පානය කළ සැකකරු කොටුවෙයි
Nov 10, 202512:24 PM
රන් ආභරණ අලෙවි සැලක් බිඳ මත්කුඩු පානය කළ සැකකරු කොටුවෙයි
Mobitel 1278

පිටකොටුව හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් සහ රිදී භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 60කට අධික රන් සහ රිදී භාණ්ඩ සොරාගෙන පලා ගිය සැකකරුවෙකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් CCTV දර්ශන 70කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 1993 වසරේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස හඳුනාගත් 60 හැවිරිදි පුද්ගලයෙකු වන බවය.

සැකකරු එම වෙළෙඳසැලින් සොරා ගෙන තිබූ රන් ආභරණවලින් පවුමක් බර රන් ආභරණ සහ රිදී ආභරණවලින් කිලෝ 3කට ආසන්න ප්‍රමාණයක් බොරැල්ල සිරිසෙත උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක වැසිකිළියක් තුළ සඟවා තිබියදී සැකකරු හෙළිකළ තොරතුරු මත පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඉකුත් මස 25 වන දින සැකකරු රාත්‍රී කාලයේදී රන් ආභරණ වෙළෙඳසැලේ දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වහලයෙන් වෙළෙඳසැලට ඇතුළු වී එහි මෙම සොරකම සිදුකර තිබුණි.

අදාළ සොරකම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පිටකොටුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් අපරාධය සිදුවූ ස්ථානය වෙත ගොස් සිදුකළ මූලික විමර්ශනවලදී මෙම සොරකම තනිව පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

එහිදී අනාවරණය කරගත් තොරතුරු අනුව අවට CCTV කැමරා දර්ශන ඔස්සේ දින 5ක් පුරා සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරු සොරකම සිදුකර දේපළ රැගෙන පලා ගිය ත්‍රීරෝද රථයද හඳුනාගෙන එහි රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයෙන් බැස ගිය බවට හෙළි වී ඇත.

සැකකරු සොරකමින් පසු තවත් පුද්ගලයෙකු සමග ගම්පොළ පුපුරැස්ස පන්විලතැන්න ප්‍රදේශයට ගොස් ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

සැකකරු සොරා සොරා ගත් රන් ආභරණ සහ රිදී ආභරණ ලබාදී අයිස් සහ මත්කුඩු මිලදීගෙන පානය කර තිබූ බවටද වැඩිදුරටත් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඔහුගේ වකුගඩුවක්ද විකුණා. මත්කුඩු පානය කර ඇතිබවට සිදුකළ ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වූ බවද පොලීසිය පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්