
කොටහේන ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ මනිපායි ප්‍රදේශයේදී මෙම තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගිය අතර පසුව අනාවරණය වූයේ අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් "පූකුඩු කන්නා" නැමැත්තාගේ ගෝලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවය.
ඔහු වයස අවුරුදු 43ක් වන පුද්ගලයෙකු බව ද සඳහන් වේ.
කෙසේවෙතත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


















































