header logo
SLIC
උණුසුම් පුවත්
අධ්‍යාපනයට අයවැයෙන් ලැබෙන සහන - මහපොළ දීමනාවත් ඉහළට
Nov 07, 202504:01 PM
අධ්‍යාපනයට අයවැයෙන් ලැබෙන සහන - මහපොළ දීමනාවත් ඉහළට
EDEX

2025 වසරේ සිට සිසුන් වෙනුවෙන් ලබාදුන් රු 6,000ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසර තෙක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

මේ සඳහා අස්වැසුම වැඩසටහන තුළින් රු මිලියන 9,000ක් වෙන්කර තිබේ.

මේ අතර අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශ මත එක් දරුවෙකුට රු 5,000ක දීමනාවක් මාසිකව ලබාදීම සඳහා රු මිලියන 50ක් අයවැයෙන් යෝජනා කර ඇත.

මේ අතර, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 43,000ක් දක්වා ඉහළ නංවුවත් පහසුකම් ප්‍රමාණවත් නොවීම බරපතළ ගැටලුවක් වන බැවින් ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර, ආපනශාලා සහ පොදු ඉගෙනුම් ප්‍රදේශ ආදිය දියුණු කිරීමට රු මිලියන 2,5000ක ප්‍රතිපාදන වෙන්කෙරේ.

මේ අතර, වෛද්‍ය පීඨයන් ඇති කළ ද ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයන් සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකක, විද්‍යාගාර පහසුකම් නොමැති වීම නිසා ගැටලු රැසක් පැනනැගී තිබේ. මේ නිසාවෙන් සබරගමුව, මොරටුව, රුහුණ, ඌව වෙල්ලස්ස සහ නැගෙනහිර විශ්වවිද්‍යාල ඇතුළු වෛද්‍ය පීඨ සංවර්ධනයට රු මිලියන 11,000ක ප්‍රතිපාදන යෝජනා කර ඇත.

මීට අමතරව විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් වැඩිදියුණු කිරීමට හා පර්යේෂණ කටයුතු සඳහා රු මිලියන 11,500ක ප්‍රතිපාදන වෙන්කෙරේ.

මේ අතර විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාව 2026 වසරේ දී ජීවන වියදමට සරිලන ලෙස රු 2,500කින් ඉහළ දැමීමට යෝජනා කර තිබේ. ඒ අනුව මාසික දීමනාව රු 10,000ක් වේ. ඒ අනුව ශිෂ්‍යාධාර දීමනාව රු 9,000ක් දක්වා ඉහළ නැංවේ. මෙයට සමගාමීව නිපුණතා සිසු දිරිය දීමනාව රු 2,500කින් වැඩි කෙරේ.

උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ආබාධ සහිත ශිෂ්‍යයින් දිරි ගැන්වීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍යයින් සඳහා රු 5,000ක දීමනාවක් මාසිකව ලබාදීමට රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශිෂ්ෂණලාභීන් සඳහා ගෙවනු ලබන දීමනාව රු 2,500කින් වැඩි කිරීමට යෝජනා කෙරේ. එම වැඩිවෙන දීමනා ගෙවීමට දැනට වෙන්කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2,750ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

තෝරාගත් විශ්වවිද්‍යාලවල, විශේෂයෙන්ම අග්නිදිග, යාපනය (කිළිනොච්චි), වව්නියාව, නැගෙනහිර සහ සබරගමුව වැනි විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර ගොඩනැඟිලි ඉදිකිරීමට අයවැයෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කරනු ලබන අතර රට තුළ පැවතිමූල්‍යමය අබුදය හේතුවෙන් නිසි පරිදි නඩත්තු කර නොමැති නේවාසිකාගාර ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මින් ඉදිරියට විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් සැපයීමේ දී අවට ප්‍රජාවගේ ගොඩනැඟිලි පහසුකම් යොදාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.‍

වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකොට, නිසි ගරුත්වයක් සහිත රැකියා අවස්ථා සුලබ කිරීම ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අපේක්ෂා කරනවා.
ඒ අනුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පහසුකම් වැඩි දියුණු කිරීම, විෂය පාඨමාලා නවීකරණය කිරීම, ගුරුවරුන් හා උපදේශකයන් පුහුණු කිරීම වැනි කායයන් අඛණ්ඩව සිදුකරනු ඇත.

වෘත්තීය අධ්‍යාපන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 9 ක්, විශිෂ්ටතා මධ්‍යස්ථාන (Center of Excellence) ලෙස වැඩි දියුණු කිරීම හා දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 50 ක් වැඩි දියුණු කිරීම 2026 වසරේ ආරම්භ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් ඇතුළුව සමස්තවෘත්තීය පුහුණු අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රු මිලියන 8,000ක් වෙන්කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට