header logo
SLIC
උණුසුම් පුවත්
ගණේමුල්ල සංජීව ඝාතන විමර්ශන අධිකරණයට දැනුම් දෙයි
Nov 07, 202501:28 PM
ගණේමුල්ල සංජීව ඝාතන විමර්ශන අධිකරණයට දැනුම් දෙයි
EDEX

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ ක්‍රියාදාමය පසුපස ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනෙකු සම්බන්ධ වී ඇති බවත්, ඉන් 04 දෙනෙකු විදේශවලට පලාගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත් කොළඹ අපරාධ කොට්ඨාශය අද (7) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ඝාතනයට සංවිධානාත්මක අපරාධකරුවන් 06 දෙනෙකු සෘජුවම සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පවසා ඇත.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම කොට්ඨාශයේ නිලධාරියා මේ බව අනාවරණය කර සිටියේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් පස් දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඊට අමතරව ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරියට පලායාමට ආධාර අනුබල දුන් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා විසින් මෙතෙක් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සහ රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත්, ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනෙකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පොලීසිය ඉන් 04 දෙනකු රඳවා තබා විමර්ශන සිදු කරන බවත් සඳහන් කළේය.

තවත් සැකකරුවකු වෙනත් අපරාධයක් සඳහා පෑලියගොඩ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර ඔවුන් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන් නිරීක්ෂණය කිරීම කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් සිදු කරන බව සඳහන් කළ එම නිලධාරියා එම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහෙස්ත්‍රාත්වරයාට වාර්තා කරන බවත් සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් තවදුරටත් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය.

ඊට අමතරව විදේශවලට පලා ගොස් සිටින සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් වැඩි දුරටත් පොලීසියට නියෝග කර සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට