header logo
SLIC
උණුසුම් පුවත්
කුඩු සළිඳු කුඩු කළ වලානේ මෙහෙයුම
Nov 04, 202504:42 PM
කුඩු සළිඳු කුඩු කළ වලානේ මෙහෙයුම
Mobitel 1278

රටින් පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'කුඩු සළිඳු' නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැකකාරික් සහ සැකකරුවෙක් බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

අත්අඩංගුවට ගස් සැකකාරිය ලාගෝස් වත්ත, කිතුලාව පදිංචිකාරියක වන 36 හැවිරිදි ප්‍රමිතා සුභාෂිණී නොහොත් පලාතොට මධූ නැමති කාන්තාවය.

අදාළ සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250යි මිලි ග්‍රෑම් 490ක් සහ හෙරොයින් ග්‍රෑම් 301යි මිලි ග්‍රෑම් 580ක් පොලිස් භාරයට ගෙන තිබේ.

එම සැකකාරිය කුඩු සළිඳු නැමැති අපරාධකරුගේ මත්ද්‍රව්‍ය විවිධ ප්‍රමාණයන්ගෙන් ඇසුරුම් කර තොග වශයෙන් බෙදා හැරීමට සිදුකළ ඇති බව පොලිස් විමර්ශනවදී අනාවරණය වී ඇත.

මෙම සැකකාරියට එරෙහිව මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 02ක් ද විභාග වන බව වාර්තා වෙයි.

සැකකාර කාන්තාවගේ සැමියා ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මේ අතර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් බණ්ඩාරගම ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමග භීතියට පත් කුඩු සළිඳුගේ ප්‍රධාන පෙලේ ගෝලයින් ප්‍රදේශයෙන් පලායාම සඳහා විවිධ උපක්‍රම භාවිතා කර ඇති බව වාර්තා වෙයි.

එහිදී සැකකරුවෙකු යතුරුපැදිකරුවෙකු සේ හැඟවෙන පරිදි ප්‍රදේශයේ විහාරස්ථානයක සිට යතුරු පැදියෙන් පලා යාමට තැත් කරන අවස්ථාවේදී සූක්‍ෂම ලෙස අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සමත් වී ඇත.

මෙම සැකකරු 29 හැවිරිදි දියගම ගල්පාත ප්‍රදේශයේ පදිංචි ලහිරු කුමාර නොහොත් "චූටි" නැමැත්තා වන අතර මොහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලි ග්‍රෑම් 740ක් සමග මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු කුඩු සළිඳුගේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය බෙදාහරින්නා වන අතර ඔහුට එරෙහිව මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 02ක් පවතින බව පොලීසිය පවසයි.

සැකකරුගේ සහෝදරයා ද දැනට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින බවට අනාවරණය වී ඇත.

මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී දැනට රජය විසින් ගෙනයනු ලබන මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ “ඉවත්වෙනු” ජාතික ව්‍යාපාරයට එරෙහිව යමින් කුඩු සළිඳු නැමැති පාතාල අපරාධකරු සිය මත්ද්‍රව්‍ය ජාලය තුල මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා රතු පැහැති මිනී ඔළුව සහිත විශේෂ ඇසුරුමක් භාවිතා කරන බවට ද අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මෙම වැටලීම්වලදී එම මෙහෙයුම්වලට එරෙහිව පලායාම හා නිලධාරීන් මුලාකර නීතිමය ආවරණය ලබා ගැනීම සඳහා වන උපක්‍රම පිළිබඳව මනා පුහුණුවක් සහිත ජාවාරම්කරුවන් බවට ද කරුණු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්‍ෂණ යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි කේ. ඒ. උදය කුමාර මහතාගේ නියෝග පරිදි එම බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...