header logo
SLIC
උණුසුම් පුවත්
ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට
Nov 04, 202504:05 PM
ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට
Mobitel 1278

රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බව නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් පවසයි.

අගරදගුරුවරයා මේ බව පැවසුවේ අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී ය.

එහිදී ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට වතිකානුවේ සහාය හිමි වන බවත් වතිකානුවේ අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ප්‍රකාශ කළේය.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අගරදගුරු ගැලගර් හිමිපාණන් උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, මෙරටෙහි වත්මන් තත්ත්වය සහ වත්මන් රජය යටතේ අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව දැනුවත් කරන ලදී. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරෙන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වෙත සිය ස්තූතිය ද පළ කළේය.

අගරදගුරු හිමිපාණන්ගේ සංචාරය ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා, වතිකානුව සහ ශ්‍රී ලංකාව අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙරටට බොහෝ ප්‍රතිලාභ අත්කර දී ඇති බවත්, එය අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව, රට තුළ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීමෙහිදී ද ඉතා වැදගත් වූ බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දුන් සහාය මෙන්ම, සුනාමි ව්‍යසනයෙන් පසු රට යළි යථා තත්වයට ගෙන ඒම සඳහා වතිකානුව ලබා දුන් සහාය ද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ ජනාධිපතිවරයා, පසුගිය වසර 50 පුරා වතිකානුව දැක් වූ සහයෝගය සහ මිත්‍රත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

මෙහිදී ජනාධිපතිවරයා XIV වන ලියෝ පාප් වහන්සේගේද සුවදුක් විමසා උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ ශක්තිය ප්‍රාර්ථනා කරමින් සිය සුබපැතුම් එක් කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය තමා මෙන්ම ශුද්ධෝත්තම පාප් වහන්සේද බොහෝ අගයන බව පැවසූ අගරදගුරු ගැලගර් හිමිපාණෝ, ඒ අනුව, XIV වන ලියෝ පාප් වහන්සේ නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලනු ඇති බවද වැඩිදුරටත් පැවසීය.

වතිකානුව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණි අගරදගුරු ගැලගර් හිමිපාණන් මෙරට සියලු ජන ප්‍රජාවන් අතර සාමය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය අවබෝධය වැඩිවර්ධනය කිරීම සඳහා දෙරටෙහි කැපවීම ශක්තිමත් කිරීමේ අරමුණෙන් නොවැම්බර් 8 වන දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සි‌ටින අතර, එම කාලය තුළ මෙරට වැදගත් ස්ථාන කිහිපයක සංචාරයේ නිරත වීමට නියමිතය.

1975 සැප්තැම්බර් 6 වන දින දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීම නිමිත්තෙන් ‘වතිකානුවේ ඉදිරි දර්ශනය, සංවාදය සහ සාමය සඳහා කැපවීම’ යන මාතෘකාව යටතේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් සහභාගි වනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්