header logo
SLIC
උණුසුම් පුවත්
අම්බලන්ගොඩ වෙඩික්කරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගනී
Nov 04, 202512:57 PM
අම්බලන්ගොඩ වෙඩික්කරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගනී
Mobitel 1278

අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුකළ සැකකරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගෙන තිබේ.

කරන්දෙණිය එගොඩවෙල මංසන්ධියේ සැකකරුවන් විසින් දමා ගොස් තිබිය දී අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෝටර් රථය සොයා ගෙන ඇත.

වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර බෙංවල එගොඩවෙල හරහා ගමන් කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී අද පෙරවරු 10.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයක පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කළ අතර, ඔහුගේ මුහුණට හා පපුවට වෙඩි ප්‍රහාර 4ක් එල්ලවී තිබුණි.

ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා පසුව මියගිය බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.

එලෙස මියගිය පුද්ගලයා 54 හැවිරිදි අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟවැද පරාජයට පත්ව ඇති බවය.

එමෙන්ම ඔහු විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන 'කරන්දෙණිය සුද්දා' නම් අපරාධකරුගේ මස්සිනා බව පොලීසිය පැවසුවේය.

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ව්‍යාපාරිකයෙකු වන එම පුද්ගලයා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.

RelatedNews
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්