අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු ව්‍යාපාරිකයා මරුට
November 4, 2025 11:46 am
අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී අද පෙරවරු 10.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණි.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙක් ඉලක්ක කර වෙඩිතැබීම සිදුකර තිබූ බව පොලීසිය පැවසුවේය.
මෝටර් රථයක පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවට පොලීසිය සැක පළ කළේය.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණි.
ඔහුගේ මුහුණට හා පපුවට වෙඩි ප්‍රහාර 4ක් එල්ලවී ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගිය බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.
ඔහු 54 හැවිරිදි අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟවැද පරාජයට පත්ව ඇති බවය.
එමෙන්ම ඔහු විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන 'කරන්දෙණිය සුද්දා' නම් අපරාධකරුගේ මස්සිනා බව පොලීසිය පැවසුවේය.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ව්‍යාපාරිකයෙකු වන එම පුද්ගලයා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.
