අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට ඇප
November 3, 2025 05:10 pm
දුෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරී සුමතිපාල මහානාම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරත්චන්ද්‍ර ගුණරත්න යන දෙදෙනාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ව අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළේය.
එහිදී කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් දෙදෙනාටම වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කරමින් මුදා හැරීමට නියෝග කර තිබේ.
සැකකරුවන් දෙදෙනාගෙම විදේශ ගමන් ද තහනම් කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරී සුමතිපාල මහානාම යන සැකකරුට අදාළ පැමිණිල්ල ලබන පෙබරවාරි මස 20 වනදා කැඳවීමටද නියම කර තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනාව අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබුණි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරී සුමතිපාල මහානාම යන සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරු අයි.එල්.කේ. දිසානායක වෙත ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ පළමු උපලේඛනය යටතේ නිකුත්කර තිබූ චෝදනා පත්‍රයක් අනුව පැවැති විධිමත් විනය පරීක්ෂණයකින් පසුව වරදකරු කර එකී දුම්රිය රියදුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න විසින් නිකුත් කර තිබූ විනය නියෝගය සම්පූර්ණයෙන්ම වෙනස්කර ඉහත දුම්රිය රියදුරු සේවයෙන් පහකිරීමට කටයුතු නොකර ඔහුට වාසියක් සිදු කිරීම සම්බන්ධයෙනි.
එමෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරවෙකු වූ සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක යන සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපල නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය “සිරිකොත” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යොදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් 1,667,294.87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදුකිරීම සම්බන්ධයෙනි.
					