header logo
SLIC
උණුසුම් පුවත්
උසස් පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්
Nov 03, 202508:50 AM
උසස් පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්
EDEX

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක උසස් පෙළ විභාගය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිතය.

එමෙන්ම මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති පැවැත්වීම, විශයානුබද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම, දේශණ සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) දින මධ්‍යම රාත්‍රි 12 සිට තහනම් වනු ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.

විභාගය සඳහා වූ පාසල් අයදුම්කරුවන් මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට ලබා දී අවසන් බවත් යම් අයෙකුට ප්‍රවේශපත්‍රය නොලැබුණේ නම් අද දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි බවත් ඇය පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය,

"මේ වෙනකොට දරුවන් විශය නිර්දේශය අවසන් කරලා විභාගයට සූදානම් වෙලා ඉන්න මොහොතේ ඉතාම හොඳ මානසික තත්ත්වයෙන් විභාගයට සූදානම් වෙන්න කියලා මම ඉල්ලනවා. ප්‍රශ්න පත්‍රවල කිසිදු වෙනසක් නැහැ. පසුගිය වසර ආකාරයටම තමයි. ඒ නිසා ඔබට ලැබී ඇති කාලසටහන අනුව විභාගය සඳහා මනා ලෙස සූදානම් වෙලා හොඳ මානසික තත්ත්වයක් සහිතව සන්සුන්ව ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය තුළ ඔබ ප්‍රශන පත්‍රය මැනවින් කියවා පිළිතුරු සංවිධානය කරගෙන පිළිතුරු සපයන්න කියලා දරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා.

දෙමාපියන්ටත් කියන්න තියෙන්නේ මේ දරුවන් පාසල් දිවියේ අවසාන වසරේ පවත්වන විභාගය. මේ විභාගය දරුවන්ගේ ජීවිතයට ගොඩක් වැදගත් විභාගයක්. ඒ නිසා මේ විභාගයේදී දරුවන්ට පීඩනයකින් තොරව විභාගයට මුහුණ දීමට නිවසේ පරිසරයත් මනා ලෙස සකස් කරලා දරුවන්ට පීඩනයක් ඇති නොවන ආකාරයට විභාගයට සන්සුන්ව මුහුණ දෙන්න අවශ්‍ය කරන පරිසරය සකස් කර දෙන්න කියලා මම ආදරණීය දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana