header logo
SLIC
උණුසුම් පුවත්
ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම අඛණ්ඩව
Nov 02, 202506:24 PM
ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම අඛණ්ඩව
EDEX

පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අඛණ්ඩව සිදුකරන බව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා මේ වනවිට ලක්ෂ 15ක පමණ ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බවය.

එම හැඳුනුම්පත් ක්‍රමානුකූලව මුද්‍රණය කර ලබාදීම මෙම දිනවල සිදු කරමින් පවතී.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව වෙත දෛනිකව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණෙන අනෙකුත් සාමාන්‍ය ඉල්ලුම්කරුවන් වෙත බාධාවකින් තොරව අඛණ්ඩව ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
මාධ්‍ය නිවේදනය

ජාතික හැදුනුම්පත් මුද්‍රණය සදහා භාවිතා කරනු ලබන පෙර මුද්‍රිත හිස් කාඩ්පත් මිල දී ගැනීම සදහා ආරම්භ කරන ලද ප්‍රසම්පාදන කිහිපයක් දෙපාර්තමේන්තුවේ පාලනයෙන් බැහැර කරුණු මත අඛණ්ඩව අවලංගු වීම නිසා ඇති වූ කාඩ්පත් හිගය හේතුවෙන් තිබෙන කාඩ්පත් කළමනාකරණය කරගෙන ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ අරමුණෙන් දැනට වසර පහක (05) පමණ කාලයක සිට ජාතික හැඳුනුම්පත වෙනුවට භාවිතා කළ හැකි ජාතික හැදුනුම්පතෙහි තොරතුරු තහවුරු ලිපියක් පාසල් ඉල්ලුම්කරුවන් වෙත නිකුත් කරමින් පවතියි. මේ වන විට ලක්ෂ 15ක පමණ ඉල්ලුම්පත් ප්‍රමාණයක් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කර ලබා දීමට පවතින අතර, එම හැඳුනුම්පත් ක්‍රමානුකූලව මුද්‍රණය කර ලබා දීම මෙම දිනවල සිදු කරමින් පවතියි. දෙපාර්තමේන්තුව වෙත දෛනිකව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණෙන අනෙකුත් සාමාන්‍ය ඉල්ලුම්කරුවන් වෙත බාධාවකින් තොරව අඛණ්ඩව ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරෙයි.

මුද්‍රණ යන්ත්‍ර දෝෂ සහ සේවක සහයෝගය
ජාතික හැඳුනුම්පත් අදාළ ඉල්ලුම්කරුවන් වෙත තැපැල් කිරීම සඳහා යොදා ගනු ලබන ලිපි කවරයන්හි ලිපිනයන් මුද්‍රණය කරන යන්ත‍්‍ර පසුගිය මාර්තු මාසයේ දී දෝෂයකට ලක්වූ අතර ඒ වන විට ද වගකීම් කාලය තුළ පැවති බැවින් එම යන්ත්‍ර ඒවා සැපයූ ආයතනය වෙතම යොමු කර කඩිනමින් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව නැවත ගෙන්වා ගන්නා ලදි. එම යන්ත්‍ර අලුත්වැඩියාවට යොමු කරන ලද කාලය සහ අවශ්‍ය මුද්‍රණ පාරිභෝජක ද්‍රව්‍ය සපයා ගැනීමට ගත වූ කාලය තුළ ද තාවකාලික විසඳුමක් ලෙස, දෙපාර්තමේන්තු නිලධාරින් යොදවා ලිපි කවරයන්හි ලිපිනයන් අතින් ලියා හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යන ලද අතර, එහිදී නිලධාරින් විසින් එම කාර්යය කාර්‍යක්ෂමව ඉටු කිරීම හේතුවෙන් එම කාලය තුළ ද හැඳුනුම්පත් 45,000කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව සමත්ව ඇත. මේ වන විට එම යන්ත්‍ර ලිපි කවර මුද්‍රණය සදහා සාමාන්‍ය පරිදි ගැටලුවකින් තොරව යොදා ගැනීම සිදු වේ.කිසිදු අවස්ථාවක ජාතික හැදුනුම්පත් මුද්‍රණ යන්ත්‍රවල දෝෂ සහගත තත්ත්වයන් ඇති වී නොමැත.

පාසල් ඉල්ලුම්කරුවන් සදහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම
• 2005 වසරේ උපන් පාසල් ඉල්ලුම්කරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දැනටමත් අවසන් කර ඇත.
• 2006 වසරේ උපන් පාසල් ඉල්ලුම්කරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම, එළඹෙන දෙසැම්බර් මස සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
• ඉන් අනතුරුව 2007 වසරේ සිය ඉදිරි වර්ෂවල උපන් පාසල් ඉල්ලුම්කරුවන් සදහා ද ක්‍රමානුකූලව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.
• මෙම සියලු ඉල්ලුම්කරුවන් වෙත දැනට නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය සියලු විභාග ඇතුලුව තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු අවස්ථාවන්හි දී කිසිදු බාධාවකින් තොරව භාවිතා කළ හැකිය.

ජාතික හැදුනුම්පත් මුද්‍රණය අඛණ්ඩව සිදුවේ.
• පසුගිය වසරේ දී ඇණවුම් කරන ලද පෙර මුද්‍රිත හිස් කාඩ්පත් මිලියන 2.3 ක ප්‍රමාණයක් මෙම වසරේ ජුනි මාසය දක්වා දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර, දැනට එම කාඩ්පත් කළමනාකරණය කර ගනිමින් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය අඛණ්ඩව සිදු කරනු ලබයි.
• දෙපාර්තමේන්තුවේ ඉදිරි අවශ්‍යතාවය සදහා පෙර මුද්‍රිත හිස් කාඩ්පත් මිළ දී ගැනීම සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට ලංසු කැදවමින් පවතී.
• ඒ අනුව, සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ප්‍රමාදයකින් තොරව ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම කිසිදු බාධාවකින් තොරව ඉදිරියේ දී පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර නිසි පරිදි ගෙන ඇත.

මෙම දෙපාර්තමේන්තුව මගින් නිල වශයෙන් තහවුරු කර ගන්නා තොරතුරු පමණක් මාධ්‍ය මගින් පළ කිරීමට කටයුතු කරන්නේ නම් මහජනතාව වෙත වඩාත් නිවැරදි තොරතුරු ලබා දීමට හැකි වන බැවින් සෑම අවස්ථාවක ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දීම සදහා මෙම දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana