
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුගෙන් වැඩිදුර ප්‍රශ්නකිරීම සඳහා දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගත් බව පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (1) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරටට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී එම ධීවර යාත්‍රාවේ හිමිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ පස්වරුවේ ගාල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ ධීවර යාත්‍රාව ද අද (2) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරයාට රැගෙන එනු ලැබීය.
එහිදී උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 350කට ආසනන් ප්‍රමාණයක් සොයා ගත් අතර, එම තොගයේ වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න බව සඳහන්.
මේ අතර අදාළ ධීවර යාත්‍රාව නාවික හමුදා සිය භාරයට ගන්නා විට එහි සිටි සැකකරුවන් 6 දෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා ඔවුන්ද මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කර තිබේ.



















































