
ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර අද (02) පැවැත්වෙන එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප.ව. 2.30ට සිදුකිරීමට නියමිතව තිබුණත්, එයද සිදුකිරීමට නොහැකිව ඇත.
මේ වනවිටත් වර්ෂාව ඇඳහැලෙන අතර, ඒ හේතුවෙන් අද දිනය සම්පූර්ණයෙන් අතහැරීමට සිදුවුව හොත් හෙට (3) දිනයද අතිරේක දිනයක් ලෙස වෙන්කර තිබේ.
















































