header logo
SLIC
සයුරෙන් එතෙර
නයිජීරියාව තුළ හමුදා මෙහෙයුමකට සැරසෙන අමෙරිකාව
Nov 02, 202501:42 PM
නයිජීරියාව තුළ හමුදා මෙහෙයුමකට සැරසෙන අමෙරිකාව
EDEX

නයිජීරියාවේ ඉස්ලාම් අන්තවාදීන් අතුගා දැමීම සඳහා හමුදා මෙහෙයුමක් දියත් කිරීමට සූදානමින් සිටින ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

නයිජීරියාව තුළ වෙසෙන ක්‍රිස්ත්‍රියානි ජනතාව ඝාතනය කිරීමට සහ ඔවුන්ට එරෙහිව දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට එම අන්තවාදි කණ්ඩායම් කටයුතු කරමින් සිටින නමුත්, ඊට එරෙහිව පියවර ගැනීමට නයිජීරියා රජය අපොහොසත් වී ඇති බව ට්‍රම්ප් පවසයි.

අමෙරිකාව එල්ල කරන ප්‍රහාරයන් වේගවත් මෙන්ම බරපතළ වනු ඇති බැවින් ඊට පෙර නයිජීරියානු රජය ඉක්මන් පියවර ගැනීම වඩා හොඳ බව ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා ඇත.

නයිජීරියාව වෙත ලබා දෙන සියලු අමෙරිකානු ආධාර නවත්වන බවට ද ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

එම නියෝගය පිළිගනිමින් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ද ප්‍රතිචාර දක්වා තිබුණි.

නයිජීරියාවේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාර හේතුවෙන් එරට තුළ ක්‍රිස්ත්‍රියානි සහ මුස්ලිම් යන ජන කොටස් ද්විත්වයම පීඩාවට පත්ව සිටින බව ද වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight