
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම ආරම්භ කර ගත වූ දින දෙක තුළ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 2,000 ඉක්මවූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහෙයුම් ආරම්භ කළ පළමු දිනයේ දී සැකකරුවන් 971ක් දෙනෙකු සහ ඊයේ දිනයේදී සැකකරුවන් 1,076 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
එම සැකකරුවන් අතරින් 41 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර තවත් දෙදෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් පුද්ගලයින් 30 දෙනෙකු පුනුරුත්ථාපනය සදහා යොමු කිරීමට ද පියවර ගෙන ඇත.


















































