ඉන්ධන මිල සංශෝධනය වෙයි
සයුරෙන් එතෙර

ඉන්ධන මිල සංශෝධනය වෙයි

October 31, 2025   08:54 pm

මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල ගණන් සම්බන්ධව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රුපියල් 299ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 294.00ක් වේ.

එමෙන්ම රුපියල් 313ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රු.5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318.00කි.

රුපියල් 335ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර රුපියල් 277ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල ද සංශෝධනය වී නොමැත.

එමෙන්ම රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලෙහි ද කිසිදු වෙනසක් සිදුව නොමැති බව වාර්තා වේ.

එම නිවේදනය පහතින්

ඉන්ධන මිල සංශෝධනය වෙයි by poornima