
ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර සටන් විරාම කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට දෙරටේ නියෝජිතයින් එකඟතාව පළ කර තිබේ.
පසුගිය 25වනදා සිට 30වනදා දක්වා ඇෆ්ගනිස්තාන පාකිස්තාන රජයේ නියෝජිතයින් අතර තුර්කියේදී පැවති සාකච්ඡාවලදී මෙම එකඟතාවට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව දෙරට අතර පැවති පළමු සාකච්ඡා වටයේදී එක වූ සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට එහිදි එකඟතාව පළ වී ඇති අතර මීළඟ සාකච්ඡා වටය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමට ද තීරණය වී ඇත.
දශක ගණනාවක් පුරා පවතින ඇෆ්ගනිස්තාන හා පාකිස්තාන දේශසීමා අර්බුදයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර සටන් විරාම කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට දෙරටේ නියෝජිතයින් එකඟතාව පළ කර තිබේ.
පසුගිය 25 වනදා සිට 30 වනදා දක්වා ඇෆ්ගනිස්තාන පාකිස්තාන රජයේ නියෝජිතයින් අතර තුර්කියේදී පැවති සාකච්ඡාවලදී මෙම එකඟතාවට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව දෙරට අතර පැවති පළමු සාකච්ඡා වටයේදී එකග වූ සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට එහිදී එකඟතාව පළ වී ඇති අතර මීළඟ සාකච්ඡා වටය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමට ද තීරණය වී ඇත.
මේ අතර දශක ගණනාවක් පුරා පවතින ඇෆ්ගනිස්තාන හා පාකිස්තාන දේශසීමා අර්බුදයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ද වාර්තා වෙයි.

















































