header logo
SLIC
උණුසුම් පුවත්
හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි
Oct 29, 202502:59 PM
හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

නිල විදෙස් සංචාරයක් බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රුපියල් ලක්ෂ 166ක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුවේ විමර්ශන ලබන වසරේ ජනවාරි 28වනදා වනවිට අවසන් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) නියෝග කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගේ ඇප අවලංගු කරන ලෙස පැමිණිල්ල ඉල්ලීමක් කළද, කොටුව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ පෙර විනිසුරුවරියගේ ඇප නියෝගය යළි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු නොවන බවය.

නඩුවේ කිහිප තැනකම එවක ජනාධිපති ලේකම්වරයාගේ නම සඳහන් වුවද, ඔහු නඩුවේ සැකකරුවෙකු ලෙස නම් නොකිරීම අධිකරණයට ගැටලුසහගත බවද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය.

නිල සංචාරයක් බව පවසමින් එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කළැයි එල්ල කෙරුණු චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉකුත් අගෝස්තු 22වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

හිටපු ජනාධිපතිවරයාව එදිනම අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිලි පාර්ශ්වය කියාසිටියේ අදාළ සංචාරයේදී ඔහු දින එක හමාරක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 166ක රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටී නීතිඥයින් ඔහුට එම සංචාරය සඳහා එක්සත් රාජධානියේ අදාළ විශ්වවිද්‍යාලයෙන් ලැබුණු බව කියන ඇරියුම්පතක්ද ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයෙකු සිදුකරන සංචාර නිල සහ පෞද්ගලික ලෙස වෙන්කර නොදැක්වෙන බවත්, එබැවින් රාජ්‍ය මුදල් අවභාවියක් සිදුව නොමැති බවත් පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර තිබූ අතර ඉදිරිපත් වූ කරුණු මත ඔහුව අගෝස්තු 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එවක කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය නියම කළාය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඒ මහතාව පසුදිනම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

අනතුරුව අගෝස්තු 26වනදා අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වයන් පිළිබඳ නීතිඥවරුන් සිදුකළ කරුණු දැක්වීම් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරිය ඒ මහතා ඇපමත මුදා හැරීමට නියෝග කළාය.

විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සඳහා නඩුව අද සවස 1.30ට කොටුව මහෙහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීය.

නඩු විමසීම ඇරඹීමටත් පෙර උදෑසන සිටම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතීඥයන්, දේශපාලනඥයන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටියහ.

දහවල් 12.40ට පමණ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ පරිශ්‍රය වෙත පැමිණියේය.

ඒ අනුව නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ අධිකරණයට වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බවය.

ඊට අදාළව එවකට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කළ සරෝජා සිරිසේන මහත්මියගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙර නඩු දිනයේ හිටපු ජනපතිවරයා සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යභාවය ප්‍රශ්න කළහ.

"ස්වාමිනි, පෙර දිනයේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔහුගේ නීතිඥයින් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පැමිණිල්ලට ලැබුණේ නැහැ. මේ නඩුවේදි මුදල් අවභාවිතයක් පමණක් නොවෙයි. අධිකරණමය ක්‍රියාවලියත් අවභාවිතයට ලක්වෙලා තියෙනවා.

මොකද මේ විත්තිකරු සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නැතුව, ඔහුගේ පෞද්ගලික නීතිඥයින් මාර්ගයෙන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.පී.ඒ. විජේසිංහ ලවා විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙකුගෙන් වෛද්‍ය වාර්තා අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යභාවය පිළිබඳ පැමිණිල්ලට ප්‍රශ්න තියෙනවා".

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙර දිනයේ හිටපු ජනපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නීතිඥවරුන් සිදුකළ කරුණු දැක්වීම් සහ ඔහුගේ හැසිරීම් පිළිබඳ විවේචනයක්ද සිදු කළේය.

"ස්වාමිනි, පෙර දිනයේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රෙමරත්න කිව්වේ, තමන්ගේ සේවාදායකයාගේ රෝග උත්සන්නවෙලා, බන්ධනාගාරයේ තියන්න බැහැ, ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා කියලා. සාමාන්‍යයෙන් දැඩි සත්කාර හිටපු රෝගින්ව එහි ප්‍රතිකාර අවසන් වුණාම සාමාන්‍ය වාට්ටුවකට දානවා.

හැබැයි මේ සැකකරු ඇප ලබා එක දවසකින් රෝහලෙන් පිටවෙලා යනවා. ඒ යන්නෙත් රෝහලේ වෛද්‍යවරුන් එක්ක හිනාවෙලා සෙල්ෆි ගහලා. ඊළඟට ලෝකේ මොන දැඩි සත්කාර ඒකකයේද ස්වාමිනි අසාධ්‍ය තත්ත්වයේ ඉදපු රෝගියෙක් බොරිස් ජොන්සන්ගේ පොත් කියවලා තිබුණේ. අසාධ්‍යයි කියපු මේ සැකකරු රෝහල්ගතව ඉදපු කාලය පුරාම කරලා තියෙන්නේ එක එක පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ගත්තු එක.

මේ සැකකරු නිකං සැකකරුවෙක් නොවෙයි ස්වාමිනි. පැය 36ක් තුළ රාජ්‍ය මුදල් ලක්ෂ 166ක් අවභාවිතා කළ තැනැත්තෙක්".

මෙහිදී කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකරුගේ ඇප අවලංගු කිරීමක් අපේක්ෂා කරන්නේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසා සිටියේය.

එවිට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු ඇති බැවින් ඇප නියෝගය යළි සමාලෝචනය කරන්නැයි ඉල්ලා සිටියේය.

අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

"ස්වාමිනි, මේ නඩුවේ පදනම හිටපු ජනාධිපතිවරයාට ලද ආරාධනය නිල ආරාධනයක්ද ? නැද්ද ? කියන එක. ඒ ඒ ගැන විමර්ශන ඉදිරියට කරලා නැති නිසා ඒක වහගන්න දැන් මේ වෛද්‍ය වාර්තා ඇදලා ගන්නවා. මගේ සේවාදායකයාව අත්අඩංගුවට ගත්තු දවසේ පැය ගාණක් කන්නත් නැහැ බොන්නත් නැහැ.

එදා රෑ වෙනකං ඒ වගේ තත්ත්වයක තිබ්බ නිසයි මගේ සේවාදායකයාව දැඩි සත්කාර ඒකකයට දාන්න වුණේ. නැත්නම් ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්න තරම් රෝගී තත්ත්වයක් තිබුණේ නැහැ".

ජනාධිපති නීතිඥවරයා එසේ පැවසීමත් සමඟ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙසේ ප්‍රශ්න කළේය.

"පෙර දිනයේ කිව්වා නේද මේ සැකකරුට හෘද වස්තුවේ පටක මියයාමක් තියෙනවා. තියෙන්න ඕන ඔක්කෝම ලෙඩ තියෙනවා කියලා. මරණාසන්නයි කියලා? "

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා,

"ස්වාමිනි, හෘද වස්තුවේ ධමනි අවහිරතාව තවම තිබෙනවා. නමුත් වෙනත් මාර්ගයකින් රුධිර සංසරණය සිදුවෙනවා" යැයි පැවසීය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා යළි "ඇප ලැබුණාට පස්සේද? " යැයි විමසුවා.

"නැහැ ස්වාමිනි. පෙර ඉඳලාම ධමනි අවහිරවීම තිබුණා. හැබැයි වෙනත් පැත්තකින් ලේ ගමන් කරන බව දැනගත්තා" යැයි ජනාධිපති නීතිඥවරයා පිළිතුරු දුන්නේය.

පෙරළා යළිත් ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ ඒ පිළිබඳ දැනගන්න පරීක්ෂණය සිදුකළේ කවදාද යන්නයි.

ඊට ජනාධිපති නීතිඥවරයා " 2017 වර්ෂයේ ස්වාමිනි " යැයි පිළිතුරු දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණය හමුවේ මෙසේ පැවසුවා.

"සැකකරුගේ ඇප සම්බන්ධයෙන් නියෝගයක් පූර්වගාමි විනිසුරුවරිය දීලා තියෙනවා. එම නියෝගය දී තිබෙන්නේ ඉදිරිපත් වූ ලේඛන ප්‍රමාණවත් යැයි සෑහීමට පත්වෙලා.

එමනිසා මෙම අධිකරණය තවදුරටත් සැකකරුගේ ඇප සම්බන්ධයෙන් තීරණ ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පැමිණිල්ල එදින ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යභාවය ප්‍රශ්න කරනවානම් එම වාර්තා ලබාදීමේ පදනම ගැන පමණක් අදාළ වෛද්‍යවරුන්ගෙන් මතය විමසන්න අධිකරණ සූදානම් "

මෙහිදී මෙම නීති කෘත්‍යයේ ඉදිරි විමර්ශන සම්බන්ධයෙන්ද මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.

"මේ නඩුවේ කිහිප තැනකම එවකට ජනාධිපති ලේකම්වරයාගේ නම සඳහන් වෙනවා. නමුත් ඔහු නඩුවේ සැකකරුවෙකු ලෙස නම් නොකිරීම අධිකරණයට ගැටලුසහගතයි.

ඊළඟට මේ නඩුවේ පදනම තියෙන්නේ සැකකරුගේ ප්‍රශ්නගත සංචාරය සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් නිල ආරාධනයක් තිබුණාද, නැද්ද කියන එක මත. ඒ මතයි මේ නඩුව තීරණය වෙන්නේ. මේ විමර්ශනය දීර්ඝ සංකීර්ණ විමර්ශනයක් නොවෙයි.

එබැවින් මීළඟ නඩු දිනය වෙද්දි විමර්ශන අවසන් කරලා අධිකරණයට ප්‍රගතිය වාර්තා කරන්න කියලා මා නියෝග කරනවා. "

ඒ අනුව විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව ලබන වසරේ ජනවාරි 28 වනදා යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා දින නියම කළා.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana