header logo
SLIC
උණුසුම් පුවත්
මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කළ දෙදෙනෙකු මරුට - තවත් 2ක් රෝහලේ
Oct 29, 202509:33 AM
මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කළ දෙදෙනෙකු මරුට - තවත් 2ක් රෝහලේ
EDEX

පුත්තලම නාරක්කල්ලිය ප්‍රදේශයේ වාඩියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු යම් ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් මිය ගොස් තිබේ.

එම ස්ථානයේ පුද්ගලයින් සිව්දෙනෙකු සිට ඇති අතර, මුහුදේ සිට පාවී ආ බෝතලයේ තිබූ ද්‍රාවණයක් මෙලෙස පානය කර ඇති බව වාර්තා වෙයි.

එම ද්‍රාවණය පානය කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, ඉතිරි තිදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් අයෙකු මිය ගොස් ඇත.

අනෙක් පුද්ගලයින් දෙදෙනා මේ වනවිටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

https://youtu.be/MvB9GKDRTZY
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight