header logo
SLIC
උණුසුම් පුවත්
වැලිගම සභාපති ඝාතනයේ තවත් තොරතුරු
Oct 28, 202508:07 PM
වැලිගම සභාපති ඝාතනයේ තවත් තොරතුරු
EDEX

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු, යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 6දෙනා පැය 72ක් රඳවාගෙන මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ප්‍රශ්න කරමින් සිටී.

එමෙන්ම වෙඩික්කරුට ප්‍රවාහන හා පහසුකම් සැපයූ සැකකරුවන් තිදෙනා අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය කාර්යාලයේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ සිද්ධියේ වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ අතරින් වෙඩික්කරු, යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිඳ, කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක් සහ බොරැල්ල සහස්පුරදී සහාය දුන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 6දෙනෙක් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් පැය 72ක් රඳවාගෙන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරමින් සිටී.

ඒහිදී වෙඩික්කරු පොලිසියට පවසා ඇත්තේ කැකිරාවේ නිවසින් පලා ආ තමා බසයකින් කොළඹට පැමිණ පසුව බොරැල්ල සහස්පුර ප්‍රදේශයට වෙත පැමිණි බවය.

එහිදී ඔහුට පුද්ගලයින් දෙදෙනෙකු හමුවී ඔවුන්ගේ නිවසකට ගොස් නා පිරිසිදු වී තමා සතුව තිබූ ජංගම දුරකථන දෙකෙන් එකක් ඔවුන්ට ලබාදී ඇත්තේ එහි ප්‍රශ්නයක් ඇති බැවින් ළඟ තබාගන්නා ලෙසට පවසමින්ය.

අනෙක් කුඩා දුරකථනය ආරෝපණය කිරීම සඳහා වෙඩික්කරු, සහස්පුරදී හමුවූ දෙදෙනාට ලබාදී තිබේ.

ඉන්පසු ඔවුන් දෙදෙනා හඳුනන ස්ථානයකට ගොස් තමා කොණ්ඩය සහ රැවුල කපා පෙනුම සම්පූර්ණයෙන් වෙනස් කර ගත් බව ද වෙඩික්කරු පවසා තිබේ.

සැකකරු වැඩිදුරටත් සිදුකළ ප්‍රකාශ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට වුවත් ඒ සඳහා වෙඩික්කරුට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 15ක් පමණක් බවට පොලීසිය සැකපළ කරයි.

මේ අතර වෙඩික්කරු වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කර ඇත්තේ අදාළ ඝාතනය සිදුකළේ
රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට වන අතර ඒ සඳහා තමාට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 15ක් පමණ බවය.

වරින් වර යතුරු පැදිකරු මුදල් ඉල්ලා සිටියත් මුදල් වෙනුවට ඔහුට මත්ද්‍රව්‍ය ලබාදුන් බවත් වෙිඩ්ක්කරු හෙලිකර තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ විදෙස් රටක සැඟව සිටින රජිත සම්පත් නොහොත් ඩුබායි ලොක්කා නමැත්තා බවට අනාවරණ වී තිබේ.

ඒ අනුව ඩුබායි ලොක්කා, මිදිගම චූටි සහ තවත් පුද්ගලයෙකු වෙඩික්කරු සමග දුරකථයෙන් කතාකර සභාපතිවරයා ඝාතනය කරන ලෙසට උපදෙස් ලබාදී ඇති බව අනාවරණ වෙයි.

ඔවුන්, ඝාතනය සිදුකිරීම සඳහා යතුරුපැදි 02 ද ලබාදී ඇති අතර මේ වනවිට ඉන් එක් යතුරුපැදියක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

එමෙන්ම ඝාතනය සිදුකිරීමෙන් පසු වෙඩික්කරු ඇතුළු පිරිසට කැකිරාවේදී නවාතැන් දුන් පුද්ගලයා එම ප්‍රදේශයේම වඩේ වෙළෙන්ඳෙක් ලෙස හඳුන්වන අතර මත්ද්‍රව්‍ය සහ කෑම ගෙන ඒම සඳහා ඔහුට රුපියල් 30,000 බැගින් අවස්ථා දෙකකදී මුදල් ලබාදී ඇති බවත් අනාවරණ වේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මහජන දිනයේදී ප්‍රාදේශී සභාවට පැමිණ ඇති බවට ඩුබායි ලොක්කා විසින් වෙඩික්කරුට කළ දැනුම්දීමට අනුව ඔහු ප්‍රාදේශීය සභාවට පැමිණ තීබේ.

පොලිසිය පවසන්නේ, සැකකරු මේ වන විට පරස්පර ප්‍රකාශ සිදුකරමින් සිටින බවය.

කෙසේ වෙතත්, මෙම ඝාතනය සිදුකළේ කුමන හේතුවක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

ඊට අමතරව වෙඩික්කරුට ඝාතනයට පෙර සහ පසු ප්‍රවාහන පහසුකම් සැපයූ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙක්, ඝාතනයට යොදාගත් යතුරු පැදිය ධාවනයට සුදුසු ආකාරයට අලුත්වැඩියාව කරදුන් වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරුපැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයෙක් ද වැලිගම සහ මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන ලද ඒම සැකකරුවන් තිදෙනා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ පොලිස් නිලධාරියා පැවසුවේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන බවය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත් වූ අතර ඔවුන් අධිකරණයට පෙන්වා දුන්නේ ගරාජයේ හිමිකරුට යතුරුපැදියක ස්ටාටර් මෝටරය සවිකරදීමේ ගාස්‍තු ලෙස රුපියල් 400ක මුදලක් ලබා ගෙන ඇති බවත්, ආරක්ෂක කැමරාවල එය නිවැරැදිව සටහන් වී ඇති බවය.

එබැවින් ඕනෑම විමර්ශනයකට ඉදිරිපත්වීමට තම සේවාදායකයා සූදානම් බවත්, ගරාජයේ හිමිකරු ලෙස ඔහු කිසිඳු අපරාධමය වරදක් හෝ වරදකට උදව් උපකාර කර නැතැයි එම නීතිඥවරුන් පෙන්වා දුනි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා වැඩිදුර විමර්ශන වාර්තාව එළැඹෙන 30 වැනිදා ඉදිරිපත් කරන්නැයි පවසමින්, එදින දක්වා සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඒ අනුව එම සැකකරුවන් තිදෙනා අද පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ