භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී මරුට   

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී මරුට   

October 27, 2025   10:05 pm

ගල්ගමුව සහ අඹන්පොල අතර දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී අද (27) රාත්‍රී 8.45ට පමණ අනතුරක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම අනතුරින් වනඅලියා ජීවිතක්ෂයට පත්ව ඇත.