බන්ධනාගාර රැඳවියන්ගේ මරණීය තර්ජන ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
October 27, 2025 06:06 pm
බන්ධනාගාරගතව සිටින රැඳවියන් කිහිප දෙනෙකු විසින් ජංගම දුරකථන මාර්ගයෙන් බාහිර පුද්ගලයින්ට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් එම නියෝගය නිකුත් කර ඇත.
තම කොට්ඨාශයට ලැබුණු නිර්නාකමික පැමිණිල්ලක් ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලීසිය එහිදි පවසා තිබේ.
අදාළ දුරකථන ඇමතුම් ලබාදුන් රැඳවියන් හඳුනාගැනීමට දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවා විමර්ශන සිදුකිරීමට තීරණය කර ඇති බවත්, අදාළ දුරකථන විශ්ලේෂණ වාර්තා පෞද්ගලික දුරකථන සමාගම්වලින් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, පොලීසිය විසින් ඉල්ලා සිටින දුරකථන ඇමතුම් විස්තර ලබාදෙන ලෙස පුද්ගලික දුරකථන සමාගම් කීහිපයකට නියෝග කර තිබේ.
අනතුරුව සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත.
