header logo
SLIC
උණුසුම් පුවත්
නීතිඥවරියක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුට ඇප
Oct 27, 202505:18 PM
නීතිඥවරියක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුට ඇප

මිරිහාන ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක කපා කොටා මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇයගේ රියදුරා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළේය.

අදාළ සැකකරු නීතීඥ ජයබා කළුපහන මහතා මාර්ගයෙන් ගොනුකළ ඇප අයදුම්පතක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබුණි.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරන බවත් නියෝග කර තිබේ.

ඊට අමතරව සෑම මසකම අවසන් ඉරුදින මිරිහන පොලීසියට වාර්තා කළ යුතු බවත් මෙම ඇප කොන්දේසී අතුරින් එකක් හෝ කඩකලහොත් දැනට නියම කර තිබෙන ඇපය අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කටයුතු කරන බවත් විනිසුරුවරයා සඳහන් කර ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මියගිය නීතිඥවරියගේ රියදුරු වශයෙන් සේවය කළ කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි ජයනාත් ධීරසිංහ නමැත්තා මෙසේ ඇප මත මුදා හරින ලදී.

2024 වසරේ සැප්තැම්බර් මස 21 වනදා විවාහයෙන් වෙන්ව සිටි 36 හැවිරිදි නීතිඥවරියක ඇයගේ නිවසේදී කපාකොටා මරාදැමීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය මගින් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කළ නීතීඥ ජයබා කළුපහන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අදාළ නිවසේ වසර දෙකක පමණ කාලයක් රියදුරු වශයෙන් සේවය කළ බවත් පසුව මියගිය තැනැත්තිය හා මෙම සැකකරු අතර ප්‍රේම සම්බන්ධයක් හටගෙන තිබූ බව සඳහන් කර සිටියේය.

එම ප්‍රේම සම්බන්ධය මියගිය තැනැත්තිය විසින් එක්තරා අවස්ථාවකදී නැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් කෝපයට පත් මෙම සැකකරු අදාළ මරණය සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් නීතිඥවරයා පෙන්වා දී ඇත.

තවදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා ඇප පනතේ 16 වන වගන්තියට අනුව මෙවැනි වරදකට සම්බන්ධ සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකි උපරිම කාල සීමාව මාස 12 ක් බවත් මෙම සැකකරු මේ වන විට මාස 12ක් සහ දින 02 ක් රිමාන්ඩ් භාරයේ පසුවන බවත් පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම සැකකරුට ඇප ලබාදීමට හැකියාව තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දී තිබේ.

එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ රජයේ නීතිඥවරිය මෙම විත්තිකරුට එරෙහිව සෘජුවම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවත් ඊට පෙර මොහු ඇපමත මුදා හරිනු ලැබුවොත් නඩුවේ පැවැත්මට අනිසි බලපෑමක් සිදුවන අතර යුක්තිය අපගමනය වීමක් සිදුවන බවත් සඳහන් කළාය.

ඊට ප්‍රතිචාර දක්වමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ සිය සේවාදායකයා කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම සිදුකර ඇති බවට කරුණු ඉදිරිපත් වී නොමැති බවය.

ඒ අනුව ඕනෑම කොන්දේසියක් මත සැකකරු ඇපමත මුදාහරින ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...