header logo
SLIC
උණුසුම් පුවත්
අස්වැසුමට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීම ගැන ලෝක බැංකු නියෝජිතයින් දුන් උපදෙස
Oct 27, 202502:42 PM
අස්වැසුමට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීම ගැන ලෝක බැංකු නියෝජිතයින් දුන් උපදෙස
Mobitel 1278

"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කර තිබේ.

ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ.

මේ පිළිබඳ අදහස් පළවුයේ "අස්වැසුම වැඩසටහන" පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධව පැවැත්වූ රැස්වීමේදීය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ සහ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීම සඳහා ලෝක බැංකුවේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සෙස්කා ලමන්නා (Francesca Lamanna) මහත්මිය හා ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ ශ්‍රීනිවාස් වරදන් (Srinivas Varadan)යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

මෙහිදී කරුණු දක්වමින් ලෝක බැංකු නියෝජිත පිරිස සමාජ ආරක්ෂණය සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම ඔස්සේ සැබෑ ලෙසම දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින පිරිස් හා පවුල් හඳුනාගත හැකි බව පැවැසුහ.

සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියකට පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කළ පමණින් ඔවුන් අස්වැසුම හෝ අදාළ වෙනත් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලත් පිරිසක් නොවන බවත්, එම ඇතුළත් කර ඇති දත්ත පරික්ෂා කර බලා අදාළ ප්‍රතිලාභ අවශ්‍ය පිරිස් නිවැරදිව හඳුනාගැනීම සිදුකළ හැකි බව එම නියෝජිත පිරිස අදහස් දක්වමින් අවධාරණය කළහ.

එමෙන්ම මෙම සමාජ ආරක්ෂණ පද්ධතිය රටකට ඵලදායී ආයෝජනයක් බවත් ඒ හේතුවෙන් එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයද ඔවුහු තවදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් "අස්වැසුම" ප්‍රතිලාභ ලබාදීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව අදහස් දැක්වූහ.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් ග්‍රාමීය කමිටුවක් මගින් තෝරා ගැනීමටත්, තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නම් අදාළ ග්‍රාමය තුළ ප්‍රදර්ශනය කිරීම තුළින් මෙහි පවතින විනිවිද භාවය තහවුරු කළ හැකි බව මන්ත්‍රීවරයන් අදහස් දක්වමින් පැවසුහ.

මෙහිදී අදහස් දක්වමින් "අස්වැසුම " ක්‍රියාත්මක කරන නිලධාරීහු, ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්වරුන්ට මෙම වැඩසටහන පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොලැබීම මත යම් බාධාවන් මතුව තිබු බවත් වර්තමානය වන විට ඔවුන්ගේ භූමිකව පිළිබඳව නිසි ලෙස දැනුවත් කරමින් වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය සහාය ඔවුන්ගෙන් ලබාගන්නා බවත් පැවසුහ.

මේ අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ලෝක බැංකුවේ උපදේශක ශාලිකා සුබසිංහ මහත්මිය ඇතුළු මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්