ගෙවුණු සති 03ට සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට
October 27, 2025 12:26 pm
ඔක්තෝබර් මාසයේ පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය පවසන්නේ ඔක්තෝබර් මස 23 වන දින වන විට සංචාරකයින් 119,670 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවය.
ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 1,845,164 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළ යාමක් දක්නට ලැබුණ ද සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට බලධාරීන් කටයුතු කර නොමැති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව පවසයි.
එහි සභාපති සමීර සේනක ද සිල්වා මහතා පවසන්නේ සංචාරක කර්මාන්තයේ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බවය.
