header logo
SLIC
උණුසුම් පුවත්
මොන්තා සුළිකුණාටුව හෙට ඉන්දියාවට
Oct 27, 202508:46 AM
මොන්තා සුළිකුණාටුව හෙට ඉන්දියාවට
EDEX

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ විවිධ ප්‍රාන්ත සඳහා තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

"මොන්තා" සුළිකුණාටුව ලෙස නම් කර ඇති මෙම පීඩන අවපාතය දැනට සුළි කුණාටුවක් ලෙස හඳුනාගෙන ඇති බවත් එය වෙරළ ආසන්නයට ගමන් කරන විට දරුණු සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයිද මේ හේතුවෙන් පැයට කිලෝමීටර් 90-110ක තද සුළං ඇතිවිය හැකි බවත් ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කර ඇත.

එමෙන්ම මෙම සුළිකුණාටුව හෙට (28) දිනයේදී ඉන්දියාවේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුළ් වෙනු ඇතැයිද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති අතර මේ හේතුවෙන් ඔඩිෂා, බටහිර බෙංගාලය, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන ප්‍රාන්තවල සමහර ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

තවද අධික වැසි අනතුරු ඇඟවීම් හේතුවෙන් ආන්ද්‍රා ප්‍රාන්තයේ පාසල් නිවාඩුවක්ද ප්‍රකාශයට පත්කර ඇති අතර විශාකාපට්නම්, අනකපල්ලේ සහ බටහිර ගෝදාවරි දිස්ත්‍රික්කවල පාසල් සඳහා දින දෙකක නිවාඩුවක්ද ලබා තිබේ.

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ සඳහාත් අනතුරු ඇඟවීම්

මේ අතර මෙරට කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වූ මුහුදු ප්‍රදේශ සඳහා මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

එමගින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ යාබද නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශවල පැවැති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර මොන්තා සුළිකුණාටුව දක්වා වර්ධනය වී ඊයේ (26) දින රාත්‍රී 11.30ට නිරිතදිග සහ යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ඉහළින් අක්ෂාංශ 11.6°N සහ දේශාංශ 85.9°E ආසන්නයේ මුලතිව් සිට කිලෝමීටර් 610ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පැවතුණු බවය.

තවද මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට (28) දින උදෑසන චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් හෙට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කර තිබේ.

ඒ අනුව නැවත දැනුම්දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සියලු පාර්ශ්වයන් වෙත අනතුරු ඇඟවීමක්ද සිදුකර ඇත.

එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට