
තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම සඳහා දෙරටේ නායකයින් විසින් අත්සන් තබා තිබේ.
තායිලන්ත සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරුන් මීට ටික වේලාවකට පෙර මැලේසියාවේ දී අදාළ ගිවිසුමට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දෙරට අතර සාම ක්‍රියාවලියේ මැදහත්කරුවෙකු වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම අවස්ථාවට සහභාගී විය.


















































