header logo
SLIC
උණුසුම් පුවත්
ලොකු පැටී සහ කපුවා තවදුරටත් රිමාන්ඩ්
Oct 24, 202501:52 PM
ලොකු පැටී සහ කපුවා තවදුරටත් රිමාන්ඩ්
Mobitel 1278

මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ලොකු පැටී සහ ඔහුට ආධාර අනුබල දුන්නේ යැයි කියන දේවාලයක කපු මහතා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරුවන් ඇප මත මුදාහන ලෙස කර තිබෙන ඉල්ලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බවත් අධිකරණය සඳහන් කළේය.

මෙම නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා අවස්ථාවේදී බන්ධනාගාරගත සිටින ලොකු පැටී නමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විෂ මත්ද්‍රව්‍ය පනතේ 54 (අ) වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව සඳහන් කළේය.

ලොකු පැටී නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් ලැබෙන මුදල් සැකකාර දේවාල කපුවාගේ ගිණුමට තැන්පත් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ඔවුන් සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන තුසිතා නිරෝෂණී නැමැතිගේ ප්‍රකාශයට අනුව ඇය ලොකු පැටී නමැත්තාගෙන් ලබාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කර එම මුදල් සැකකාර කපුවාගේ ගිණුමට තැන්පත් කර තිබෙන බව ප්‍රකාශ කර ඇතැයි එම නිලධාරින් පැවසුවේය.

ඇය විසින් රුපියල් ලක්ෂ හැත්තෑවක මුදලක් මෙම ගිණුමට තැන්පත් කර ඇති අතර මේ ආකාරයෙන් වරින්වර අදාළ ගිණුමට මුදල් බැර වී තිබෙන ආකාරය විමර්ශනවලදී නිරීක්ෂණය වූ බවත් පොලීසිය පැවසුවේය.

මෙම මුදල් බැර වන්නේ සැකකාර කපුවාගේ දැනුම මත බවත් මේ ආකාරයෙන් රුපියල් කෝටි 33කට ආසන්න මුදලක් තැන්පත් වී ඇති අතර ඉන් කෝටි තිස් දෙකක් චෙක්පත් මාර්ගයෙන් මෙම සැකකාර කපුවා විසින් ලබාගෙන තිබෙන බවත් ඔවුන් සඳහන් කළේය.

මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් ලැබී ඇති බවට සැක කෙරෙන බව පෙන්වා දුන් විමර්ශන නිලධාරීන් අදාළ මුදල් යළි මත්ද්‍රව්‍ය ජාවාරමට යොදවා තිබේදැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් කියා සිටියේය.

මෙම විමර්ශනවලදී තවත් ගිණුම් තුනක් අනාවරණය වී ඇති බවත් ඒ හරහා රුපියල් කෝටි 1,000ක් පමණ මුදල් සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකරන බව කියා සිටියේය.

මෙම අවස්ථාවේදී සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබුවොත් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සැකකාර ලොකු පැටී වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බෙලරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් තම සේවාදායකයා මෙරටට රැගෙන ආවේ පසුගිය මැයි මස බව පෙන්වා දුන්නේය.

එම නිසා මෙම මුදල් හුවමාරු වූ බව කියන කාලසීමාවේ ඔහු මෙරට නොසිටි බව සඳහන් කළ නීතිඥවරයා තම සේවාදායකයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති නිසා ඔහු ඇපමත මුදා හැරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කළේය.

සැකකාර කපුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ ගිණුමට බැර තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් නොව බැතිමතුන් විසින් දේවාලයට පරිත්‍යාගය වශයෙන් ලබාදුන් මුදල් බව සඳහන් කළේය.

සිය සේවාදායකයාට සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීමට හැකියාවක් නොමැති බැවින් ඔහු ඇපමත මුදාහන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයන් පැහැදිලි කරමින් තමන් ලිඛිත නියෝගයක් ලබාදීමට අපේක්ෂා කරන බවය.

ඒ අනුව අදාළ නියෝගය ලබන 31 වනදා ලබාදෙන බවත් මහෙස්ත්‍රාත්වරයා නිවේදනය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...