header logo
SLIC
උණුසුම් පුවත්
2026 සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි
Oct 23, 202508:17 PM
2026 සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි
EDEX

ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ ඉදිරියේදි නිකුත් කිරීමට නියමිතය.

2026 වර්ෂයේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජය මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

ඒ අනුව ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රෙණියේ සහ 6 ශ්‍රෙණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.

නව ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අධ්‍යාපනය අවධි තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ 1,2 ශ්‍රේණි පළමු ප්‍රධාන අවධිය, 3,4 ශ්‍රේණි දෙවන ප්‍රධාන අවධිය සහ 5 වන ශ්‍රේණියේ තෙවැනි ප්‍රධාන අවධිය ලෙසය.

1 සිට 5 ශ්‍රේණි දක්වා විෂයමාලාව සැකසී ඇත්තේ මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, ගණිතය, ආගම සහ සාරධර්ම අධ්‍යාපනය, ආරම්භක විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකරකම්, ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සහ විෂය සමගාමි ක්‍රියාකාරකම් යනාදී පොදු ඉගෙනුම් ක්ෂේත්‍ර 9ක් යටතේය.

ප්‍රාථමික අංශයේ 1,2,3 සහ 4 යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වන කාලයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර 5 වැනි ශ්‍රේණිය සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට නියමිතය.

පළමු ශ්‍රෙණියේ සිසුන් සඳහා පෙළපොත් වෙනුවට නව විෂය නිර්දේශයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත ක්‍රියාකාරකම් පොත් ලබාදීමට සැලසුම් කර ඇත.

කණිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන අතර ලබන වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද උපදෙස් සංග්‍රහයේ සඳහන් වේ.

එම ශ්‍රේණිවල සියලු සිසුන් අනිවාර්යය විෂයන් 14ක් හැදෑරීමට අවශ්‍ය වන අතර ක්‍රීඩා හා සමිති සමාගම් සඳහා සහභාගී වීමට ද සෑම දරුවෙකුටම අවකාශ ලබා දී තිබේ.

අනිවාර්යය විෂයන් 14 මොඩියුල මගින් ඉගැන්වීමට අපේක්ෂා කෙරෙන අතර විෂයන් අනුව වාරයකට ඉගෙනීමට අවශ්‍යම මොඩියුල සංඛ්‍යාව තීරණය වනු ඇත.

06 වැනි ශ්‍රේණියේ සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ලෙස නව විෂයන් තුනක් හඳුන්වාදීමට නියමිතය.

කණිෂ්ට ද්විතීක අංශයේ පාසල් පැවැත්වෙන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා සිදු වන අතර මිනිත්තු 50 බැගින් කාලපරිච්ඡේද 7ක් මෙහිදි හඳුන්වා දී ඇත.

මේ අතර 2027 වසරේ සිට පෙරපාසල් සඳහා එකම විෂයමාලා රාමුවක් හදුන්වාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස් වු අවස්ථාවේදීය.

පූර්ව ළමාවිය විෂය මාලාරාමුව මේ විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, 19,000කට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිතව ඇති බවද අග්‍රාමාත්‍යවරිය අනාවරණ කළාය.

එහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ පාසල් කිසිවක් වසාදැමීම සිදු නොකරන අතර පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana