
මෙරට පාරිසරික තිරසරභාවය සඳහා දැක්වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් TV දෙරණ ජනාධිපති ලෝකඩ පරිසර සම්මානයෙන් අද (23) පිදුම් ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී TV දෙරණ වෙත මෙම සම්මානය හිමිවුණේ මනුසත් දෙරණ සොබාදම් බලකාය හරහා සිදු කළ වැඩසටහන් වෙනුවෙනි.
මනුසත් දෙරණ ව්‍යාපෘතියේ සභාපති මහේෂ් ජයවර්ධන එම සම්මානය ටීවී දෙරණ වෙනුවෙන් භාර ගත්තේය.
පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද " ජනාධිපති පරිසර සම්මාන උලෙළ " අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මෙම උලෙළේදී මෙරට පාරිසරික තිරසරභාවය වෙනුවෙන් දායක වූ ක්ෂේත්‍ර රැසක විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරිණි.


















































