header logo
SLIC
උණුසුම් පුවත්
ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
Oct 23, 202505:52 PM
ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ සමාලෝචන සාකච්ඡාවක් අද (23) පැවැත්විණි.

ඒ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ සහ ආරක්ෂක ලේකම් එයාර්වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තගේ ප්‍රධානත්වයෙනි.

ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව විවෘත කරන ප්‍රධාන ගුවන් දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සමස්ථ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ.

එහිදී අදහස් දැක් වූ ආරක්‍ෂක ලේකම්වරයා, ජාතික ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ ජාත්‍යන්තර සම්බන්ධතාවලදී ගුවන්තොටුපොළෙහි ඇති තීරණාත්මක කාර්යභාරය සඳහන් කරමින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉහළම ආරක්ෂක විධිවිධාන පවත්වා ගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළේය.

මගීන්ගේ මෙන්ම ගුවන් කාර්ය මණ්ඩලවල, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් සමඟ සම්බන්ධ අනෙකුත් සියලුම පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ වැදගත්කම ද එහිදී ඔහු අවධාරණය කර තිබේ.

එමෙන්ම ගුවන්තොටුපොළේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා සියලුම පාර්ශවකරුවන්ගේ කැපවීම එහිදී ඔහු අගය කළ අතර, ගුවන්තොටුපොළේ ඉහළම ආරක්ෂණ සහ ආරක්ෂක ප්‍රමිතීන් පවත්වා ගෙන යාම සඳහා අඛණ්ඩ සම්බන්ධීකරණයේ වැදගත්කම ද අවධාරණය කළේය.

නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම, ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සහ සිදුවිය හැකි තර්ජන සඳහා දැනට පවතින ප්‍රතිචාර යාන්ත්‍රණ වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු ව ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරින්, ඔවුන්ට අදාළ ක්ෂේත්‍රවල මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගෙන ඇති අතර පවත්නා ක්‍රියා පටිපාටියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් ද ඉදිරිපත් කර තිබේ.

සියලු ආයතනවල සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, ගුවන්තොටුපොළේ ආරක්ෂක කළමනාකරණය වඩාත් කාර්යක්ෂම හා ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ පවත්වා ගෙන යාම සඳහා විශේෂිත ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට ද මෙම හමුවේදී ඒකමතිකව එකඟතාවය ද පළ වී ඇත.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ සෙසු ඉහළ නිලධාරීන්, ගුවන්තොටු පොළේ දැනට ක්‍රියාත්මක ආරක්ෂක විධිවිධාන පිළිබඳව සොයා බැලීම සඳහා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

border=0
border=0
border=0
border=0
border=0
border=0
border=0
border=0

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...